Thursday 18th of June 2026

English Tamil
Advertiesment


විමලවීර රවීගෙන් සමාව ගනී 


2024-06-01 14910

 

රවීගේ නිර්දෝෂී භාවය පිළි ගනී 

 

වන්දි නඩුව සමථයකට පත් වේ 

 

 

අම්පාර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාට එරෙහිව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය කටයුතු කළාය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා 2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එවැනි ක්‍රියාවක් හිටපු අමාත්‍යවරයෙකුට නොගැලපෙන බවත් පවසමින් ජනමාධ්‍ය හමුවේ කරුණු දක්වා ඇති බවත් ඒ මගින් සිය කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙසත් පවසමින් රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පවරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට සිදු වූ අකටයුත්ත පිළිබඳව අධිකරණයෙහි සමාව ගැනීමත් ඒ සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එකගතාවය පළ කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට මෙහිදී අධිකරණය තීරණය කළේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment